බින්දු බින්දු තාරකා


බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ

උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ

සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ

අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ

බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ

උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...


තනිවී ගිම්හානයේ වැලපෙයි කොවුලා වනේ

තනිවී ගිම්හානයේ වැලපෙයි කොවුලා වනේ

සඳ මත ආදරයේ සෑය මැවේ

වියැකී බඹර ගීත මලක රොන් සැලේ

බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ

උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...


විස මධු පුරවා විතේ

ගෙනදී දෝතින් ඔබේ

විස මධු පුරවා විතේ

ගෙනදී දෝතින් ඔබේ

මා හද සෑය දවා දෑස නිවා

නංවනු මන්දහාස මියෙන මා නෙතේ..


බින්දු බින්දු තාරකා.........


   < Back

If Your Browser does not support UNICODE, click HERE to see image format page 


This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola