දෑස නිලුපුල් තෙමා


දෑස නිලුපුල් තෙමා කඳුලු මුතුවැල් සලා

දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ

හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ

දෑස නිලුපුල් තෙමා කඳුලු මුතුවැල් සලා

දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ

හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ


නිහඬ හදවත් පොතේ ලියැවුනු

සොඳුරු ගී වැල් නැතේ මා තැනූ

නිහඬ හදවත් පොතේ ලියැවුනු

සොඳුරු ගී වැල් නැතේ මා තැනූ

ඔබේ කඳුලැලි මා සිතේ

නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ


දෑස නිලුපුල් තෙමා...


පබළු මිණිමුතු නැතේ මා සතූ

කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ

පබළු මිණිමුතු නැතේ මා සතූ

කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ

තුසර පිනි ලෙස මල් මතේ

කඳුළු කොපුලේ රැඳේ කඳුළු කොපුලේ රැඳේ


දෑස නිලුපුල් තෙමා... 

   < Back 

If Your Browser does not support UNICODE, click HERE to see image format page  


This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola