දවසක් පැල නැති හේනේ


දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැස්සා

තුරුලේ හංගාගෙන මා

ඔබ තෙමුනා අම්මේ

පායනතුරු හිටි පියවර

හිටියා ඔබ අම්මේ


නුවර වීදි යටකරගෙන

නින්දා වැහි වැගිරුනදා

බිරිඳකගේ සෙනෙහෙ ගියා

යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ


කොළඹ අහස කළු කරගෙන

මුහුදු හුළඟ අඬලනකොට

ඔටුන්න බිම දා දුවගෙන

එන්නද එක පිම්මේ

මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ

මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ

මං එනතුරු... ඉඳිකඩ ලඟ... ඉන්නවාද අම්මේ...


  < Back

If Your Browser does not support UNICODE, click HERE to see image format page 


This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola