දෙතොල නොකී දේ


දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා

වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා

නංගිගෙ පාමුල ඉරහඳ තියලා

ආදර හිත ලඟ කවුරුද මුවා වුනේ


හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ

පුංචි හිතේ පොඩි මධු මල් පිපිලාදෝ

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ

පුංචි හිතේ පොඩි මධු මල් පිපිලාදෝ

ගෙදර බුදුන් මුව උදානයක් වූ

නංගිගෙ හිත ලඟ කවුරුද මුවා වුනේ 


දෙතොල නොකී දේ....


බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ

කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ

බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ

කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ

වසන්තයට පෙර කැකුලට ළංවී

නංගිගෙ හිත ලඟ කවුරුද මුවා වුනේ

 

දෙතොල නොකී දේ....

  Back

If Your Browser does not support UNICODE, click HERE to see image format page 


This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola